News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

සඳුදා බස්නාහිර පළාතේ ඇඳිරි නීතියට මොකද වෙන්නේ?

556 Views


සඳුදා බස්නාහිර පළාතේ ඇඳිරි නීතියට මොකද වෙන්නේ?

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කෙරුණත් තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුුදෙකලා කර තැබීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, තෝරාගත් ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කර සෙසු ප්‍රදේශ දෛනික කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.

සමස්ත බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 29 වැනිදා වන අතර පසුගිය 2 වැනිදා එය ඉවත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් නිරීක්ෂණය වීමත් සමග යුද හමුදාපතිවරයා දන්වා සිටියේ එළැඹෙන සඳුදා දින අලුයම 5 දක්වා යළිත් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන බවයි.

මේ අතර ඉකුත් 22 වැනිදා වසා දැමුණු පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළ එළැඹෙන සඳුදා සිට යළි විවෘත කිරීමට මැනිං පොදු වෙළෙඳ සමිතිය තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post