News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

1976 Views


සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳට ද කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඇය මේ වනවිට පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මත රෝහල වෙත රැගෙන ආ බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ කොරොනා ආසාදනය වූ රැඳවියන් 28 දෙනෙකු මේ වනවිට වැලිකන්ද කෝවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post