News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිශතයට අනුව අපේක්ෂකයින් දෙදෙනාම සම මට්ටමක – එහි ඡන්ද යළි ගණන් කිරීමට තීරණයක්

463 Views


ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිශතයට අනුව අපේක්ෂකයින් දෙදෙනාම සම මට්ටමක – එහි ඡන්ද යළි ගණන් කිරීමට තීරණයක්

ඇමරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නැහැ.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපතිවරණයට අදාළ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණනය කිරීමට ප්‍රාන්තා බලධාරීන් තීරණයකර ඇති බවයි.

අපේක්ෂකයින් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් සම ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීම ඊට හේතු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 49.4ක්.

අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට පෙරමුණේ පසු වන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්.

මේ අතර තමන්ගේ ජයග්‍රහණය ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පවසනවා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවසන් ප්‍රතිඵලය නිකුත් වනතුරු සාමකාමීව සිටින ලෙසයි.

ජෝ බයිඩ්න් ට මේ වනවිට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද විද්‍යාල 270න් 264 ක්.

එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 270න් 214 ක් පමණයි.

එහෙත්, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි තවදුරටත් පවසන ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, දූෂිත ප්‍රතිඵලවලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම ට්‍රම්ප් හිතවාදී ආධාරකරුවන් මෙන්ම බයිඩ්න් හිතවාදී පිරිස් විවිධ ස්ථානවල විරෝධතා ව්‍යාාපාර ක්‍රියාත්මක කරන බව ඇමරිකානු මාධ්‍ය නිවේදනය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post