හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වෙත ඇතුළු වීම හෝ ඉන් පිටතට ගමන් කිරීම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් පැවසුවේ, අදාළ ප්‍රදේශ වෙත පැමිණි හෝ ඉන් පිටවන පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ දඩුවම් පැමිණවිය හැකි බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ, කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.