හෙට සිට නැවත දැනුම් දෙනතුරු නිවාස සංකීර්ණ කිහිපයක් අතර ගමනාගමනය සීමා කිරීමට තීරණයකර තිබෙනවා.
ඒ අනුව කොළඹ පිහිටි මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මෝදර රන්මින සෙවණ, සිරිසර උයන සහ දෙමටගොඩ මාලිගාවත්තේ එන්.එච්.එස්. යන නිවාස සංකීර්ණවලට එලෙස සංචරණ සීමා පැනවෙනු ඇති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව එම නිවාස යෝජනා ක්‍රමවල ජිවත් වන ජනතාවට දැනුම් දෙන්නේ, නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී, සංචරණය අවමකර සිය නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි.