කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා තාවකාලිකව වසා දැමුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව හෙට සිට යළි විවෘත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
විෂබීජ හරණය කිරීමෙන් පසු සීමිත රාජකාරී කටයුතු කිහිපයක් සඳහා එය විවෘත කෙරෙන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ.
ඒ අනුව ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල, දේශීය අධිවේගී කුරියර් සේවාව යන සේවාවන් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුවනු ඇති.
ලියාපදිංචි ලිපි අංශය තේරීම් කටයුතු සඳහා අඟහරුවාදා විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු එළැඹෙන බදාදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම රජයේ හෝ පෞද්ගලික ආයතන සඳහා මුද්දර මුද්‍රා යන්ත්‍ර සම්බන්ධ කටයුතු හෙට සිට සිදුවන අතර ඒ සඳහා 011 2 320 700 යන දුරකතන අංකය අමතා වේලාවක් වෙන්කර ගත යුතු බව ද මහජනතාවට දැනුම් දෙනවා.
තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, සීමිත කාර්යය මණ්ඩලයක් යොදවා රාජකාරී කටයුතු පවත්වාගෙන යෑම හේතුවෙන් අදාළ කටයුතු ඉටුකර දීම යම් ප්‍රමාදයකට ලක් වීමට ඉඩ ඇති බවයි.