ඇමෙරිකා ජනපති සටනෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට 46 වෙනි ජනපතිවරයා වශයෙන් තේරීපත් වුණා. නව ජනපතිවරයා මාධ්‍ය අමතමින් සදහන් කලේ තමා ඇමෙරිකාව සුවපත් කිරීම සදහා ක්‍රියා කරන බවයි.
මේ අතර නව ජනපති ජෝ බයිඩන් ගේ ජයග්‍රණය සමරා එරට ජනතාව වීදී වලට බැස සතුට සමරන ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරනවා. ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණු ආවරණ පළදවමින් මෙසේ සතුට සමරන බවයි පැවසෙන්නේ.