බස්නාහිර පළාත ඇතුළු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල එම නීතිය හෙට අලුයම 5ට ඉවත් කරන බවත් අවදානම් තත්ත්වයේ පවතිව ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් 3ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව සහ එක් පොලිස් වසමක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් දෙකක් එලෙස හුදෙකලා කර තැබීමට තීරණයකර ඇති බවයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් හෙට සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කර තැබනෙු ඇති.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද යන පොලිස් වසම් සහ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම ද තවදුරටත් හුදකලා කර තැබෙනවා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදකලා කර තැබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් වසම හුදෙකලා කර තැබෙන බවයි යුද හමුදාපතිවරය පැවසුවේ.