හෙට සිට යළිත් දුරගමන් බස් රථ සේවා ඇරඹෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා
එහි සභාපතිවරයා පැවසුවේ, කෙසේවෙතත් හුදෙකලාකර ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදු නොකෙරන බවයි.
මේ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට සිට උදෑසන හා පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසනවා.
එම දුම්රිය හුදෙකලාකර ඇති ප්‍රදේශවල නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව නම් කළ දුම්රිය ස්ථාන කිහිපයක අදාළ දුම්රිය නවත්වන්නේ නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එලෙස නම් කෙරුණු දුම්රිය ස්ථාන ඇතුළත් නිවේදනය පහතින් :
