කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කල තරුණයෙකු විසින් තමාට කොරෝනා ආසාදිත බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇති පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම පුද්ගලයා දින තුනකට පෙර කොළඹ දී pcr පරීක්ෂණයක් සිදු කර නැවත නිවස බලා පැමිණ තිබෙනවා. එහිදී එහි වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිත බව දැන ගැනීමත් සමග කොරෝනා බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබෙනවා. මේ වන විට පෙම්වතිය හා ඇයගේ සොහොයුරන් දෙදෙනකුද මවද නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එපමණක් නොව ඔහු පෙම්වතියගේ නිවසට ඒමට පෙර ආණමඩුව සතොස ආයතනයට සහ එලවලු වෙළෙද සැලකට ගොස් තිබෙන අතර එහි සේවය කරන ලද පුද්ගලයින් ද නිරෝධායනයට යොමු කර ඈති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.