News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ඇදිරි නීතිය අවසන් – පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කෙරේ

586 Views


ඇදිරි නීතිය අවසන් – පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කෙරේ

අද පෙරවරු 5.00 සිට බස්නාහිරට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කරනු ලැබුවා. එසේ වුවත් පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් පිටව යෑමට නොහැකි අතර තවත් අයෙකුට එම ප්‍රදේශයන්ට ඇතුළු වීමට අවසර හිමි නොවේ.

අතවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම පිලිබදව කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.

මේ අතර කොව්ඩ් උවදුරෙන් ඔබත් රටත් ආරක්ෂා කරගන්න සුවෙන් සිටීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ app එකක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන්ද staysafe.gov.lk හෝ SS REG<ජාතික හැදුනුම්පත් අංකය>සටහන්කර1919දුරකතන අංකයට SMS කිරීම තුලින් ද ඔබ යන එන තැන් පිලිබදව වාර්තාවක් සෞඛ්‍ය අංශ වෙත යැවෙන අතර එහිදී ඔබ කළ යුතුවන්නේ එම ස්ථාන වලදී දැක්වෙන උපදෙස් අනුව එම තොරතුරු යාවත්කාලීන කිරීමයි.


News Articles
Latest Videos
Most Popular Post