මෙරට 36 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 84 හැවිරිදි කාන්තාවක් අද මියගියා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ කාන්තාව පෞද්ගලික රෝහලක සිට අයි.ඩීඑච්. රෝහල වෙත මාරුකර එවා ඇති අතර එහිදී ඇය මරණයට පත්ව ඇති බවයි.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නියුමෝනියා තත්ත්වයයි.
ඒ අනුව එම මරණය මෙරට 36 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.
එලෙස මියගොස් ඇත්තේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක්.