නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා.
කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක්.