News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

873 Views


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

අවදානම් මට්ටම් තුනක් යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා.

ඒ අනුව පළමු අදියර සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම මත දැනට ක්‍රියාත්මක නොවන අතර දෙවන අදියර යටතේ බස්රථවල ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගීන් නංවාගත යුතු වනවා.

එහිදී බස් ගාස්තුව මෙන් 1.2ක අමතර ගාස්තුවක් අය කිරීමට බස් රථ ධාවකයින්ට අවසර හිමි වනවා.

මේ අනුව දැනට රුපියල් 12ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රුපියල් 14 දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් සුඛෝපබෝගී බස් රථ සඳහා එම ගාස්තු සංශෝධනය අදාළ නොවන අතර ඔවුන් පෙර ගාස්තුවම අය කරමින් ආසන සංඛ්‍යාවට අනුව මගීන් ප්‍රවාහනය කළ යුතු වනවා.

මෙම බස් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් කරුණු අනාවරණ කෙරුණේ, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ මාර්ගෝපදේශ මාලාව අද හඳුන්වා දීමත් සමගයි.

එම අවස්ථාවට එක් වෙමින් ගාමිණි ලෝකුගේ සහ දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් ඉහත කරුණු පැහැදිලි කළා.

එහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, තුන්වන අවදානම් අදියර යටතේ බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය ද සැළසුම්කර ඇති අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉදිරියේදී උද්ගතවන තත්ත්වය අනුව බවයි.

පුද්ගලික අංශයේ මගී ප්‍රවාහන බස් රථවලට ලබා ගෙන ඇති ලීසිං සඳහා වන වාරික අය කිරීම් මාස 6කට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post