සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව පැකට් කළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වන අතර පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇත්තේ, රුපියල් 85ක උපරිම සිල්ලර මිලක්.
ආනයනයකරුවන් සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම තොග මිල අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් 80ක් ලෙසයි.
ඉහත මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති.
අදාළ ගැසට් නිවේදනය පහතින් :
