News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

දිස්ත්‍රික්ක කිහිපියකට ඉතා තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන

468 Views


දිස්ත්‍රික්ක කිහිපියකට ඉතා තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුර, උතුරුමැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව උතුර, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 300ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 -150ත් අතර තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්වල තද අකුණු ඇතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඊයේ උදෑසන 8.30 සිට අද අලුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයට වන අතර එම අගය දැක්වෙන්නේ මිලිමීටර 287ක් ලෙසයි.

එමෙන්ම එම කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුරියන්කඩවල ප්‍රදේශයට අවම වර්ෂාපතනයක් ලැබී ඇති අතර මිලිමීටර 63.5ක් ලෙස එම අගය සටහන් වනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post