හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි.
හුදෙකලාකර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පුද්ගලයින් ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුල්වරට දැනුම් දුන්නේ අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදීයි.
අද පස්වරුවේ සිට එම කාර්යය ආරම්භ කරන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා එහිදී කියා සිටියේ හුදෙකලා කර ඇති කාලය අවසන්වන තුරු පුද්ගලයින්ගේ සංචරණ කටයුතු නිරන්තරයෙන් එමගින් නිරීක්ෂණයට ලක්කරන බවයි.