News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත විරෝධතාවක

558 Views


බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත විරෝධතාවක

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවක් ආරම්භකර තිබෙනවා.

ඒ, තමන්ට කඩිනමින් පී.සී.ආර්. පිරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලමින්.

ඔවුන් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට වෛසරය ආසාදනය වීමත් සමග තමන්ට ද වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසයි.

එසේ නොමැති නම් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් එම පරීක්ෂණ කටයුතු සඳහා මේ වනවිටත් සියලු කටයුතු සිදු කෙරෙමින් ඇති බවත් ඊට බන්ධනාගාරය වෙන්කර ඇති බවත් පොලිසිය පවසනවා.

මේ වනවිට බන්ධනාගාරයේ රැඳවියන් 800ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති අතර ඉන් 30 දෙනෙකුට සහ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී අති බව හඳුනා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post