News Line| Off Air
Generic placeholder image

Nov
12

කොරෝනා එන්නත මෙරට මුලින්ම දෙන්නේ කාටදැයි සොයයි

803 Views


කොරෝනා එන්නත මෙරට මුලින්ම දෙන්නේ කාටදැයි සොයයි

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයාගත් පසුව එය මෙරටදී ලබාදිය හැකි පිරිස පිළිබඳ සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, එම එන්නත මෙරට ජනගහනයෙන් සියයට 20ක පිරිසකට ලබා දීමට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කර ඇති බවයි.

අදාළ එන්නත මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු වෙමින් ඇති බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ඊට සුදුසු එන්නතක් මේ වනතෙක් සොයාගෙන නැති බවත් එවැනි එන්නතක් සොයා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවට එය එන්නත් කළ යුතු බවත් එය දැවැන්ත ක්‍රියාවලියක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post