News Line| Off Air
Generic placeholder image

Nov
12

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයින් ගැන අනාවරණයක්

828 Views


පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයින් ගැන අනාවරණයක්

පසුගිය වසරේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් පිරිස ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණි පිරිසක් බවත් එලෙස ආපසු පැමිණි ත්‍රස්තයින් එදින එම ප්‍රහාරය එල්ල කළ බවත් ඇමරිකාවේ ජේම්ස් මවුප් ආයතනය අනාවරණය කරනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ප‍්‍රහාරයට සම්බන්ධ දෙහිවල බෝම්බකරු ද ශී‍්‍ර ලංකාවේ සිට තුර්කියට ගොස් ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණි අයෙක් බව හෙළි වී ඇති බවයි.

රුසියානු එෆ්. එස්.බී. බුද්ධි සේවය ද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධවූවන්ගේ පසුබිම සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබෙනවා.

එරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රුසියාවේ පැවැති ආරක්‍ෂක සමුළුවකදී එම කරුණු අනාවරණ කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post