මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පැහැදිලි කිරීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.
එම පැහැදිලි කිරීම් සිදු කෙරෙන්නේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර සහ තුන්වන වර කියවීම් ඇතුළුව විවාදය පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ලබන වසර සඳහා වන අයවැය යෝජනා එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.