තමන් මෙරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම රට තුළට පැමිණීමට ඉඩ නොතබන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
එසේ වූයේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මොනයම් ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
කොරෝනා වසංගතය ලෝකය තුළ ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ශ්‍රී ලංකාව වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර සංචාරකයන් ගෙන්වා ගත් බවත් ඒ හේතුවෙන් අද මෙරට තුළ ඇත්තේ ආරාධනා කර ගෙන්වා ගන්නා ලද වසංගතයක් බවත් රාජිත සේනාරත්න මහතා එහිදී පෙන්වා දුන්නා.
තව ද ප්‍රදේශ හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළ නිසි ලෙස සිදු කරන්නේ නම් මෙම වසංගතය අවසන් කිරීමේ හැකියාවක් තවමත් ඇති බවයි මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.