හෙට සහ අනිද්දා දෙදින තුළ රටටම හෝ ප්‍රදේශ වශයෙන් හෝ ඇඳිරිය නීතිය පැනවීමේ කිසිඳු සූදානමක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු පැවසුවේ, වෛරස් ව්‍යාප්තිය පාලනයට යම් යම් පියවර ගත්ත ද රටටම ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි.
සති අන්තයේ රට තුළ ඇඳිරි නීතිය පනවන්නේ යැයි පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යය බව ද යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.