News Line| Off Air
Generic placeholder image

Nov
13

කඩා වැටුණු බිත්තියකට යට වූ දරුවෙක් මරු දකියි

474 Views


කඩා වැටුණු බිත්තියකට යට වූ දරුවෙක් මරු දකියි

කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් ඊට යට වූ අට හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා.

එම දරුවා අනතුරට මුහුණ දී තිබුණේ ඊයේ දහවල් ආහාරය ගනිමින් සිටියදීයි.

ප්‍රදේශවාසීන් එක්ව බිත්තියට යට වූ දරුවා මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන කිළිනොච්චිය රෝහලට ඇතුළත්කර තිබුණා.

පොලිසිය පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි.

එලෙස මියගොස් ඇත්තේ කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝයන් රුසාන්තන් නැමති 8 හැවිරිදි දරුවෙක්.

දින ගණනාවක් පැවැති අධික වාර්ෂාවත් සමග ප්‍රදේශයේ ජලය බැස නොයාම හේතුවෙන් අදාළ නිවසෙහි බිත්තිය පුපුරාගොස් මෙලෙස කඩා වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post