News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ගත වූ පැය විසි හතරේ කොරෝනා වාර්තාව

542 Views


ගත වූ පැය විසි හතරේ කොරෝනා වාර්තාව

අද උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 373දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ, දේශීයව පුද්ගලයින් 369දෙනෙක් සහ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු වශයෙන් එලෙස හඳුනාගත් බවයි.

කුරුණෑගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 226 දෙනෙක්, ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 10ක් සහ මොණරාගලින් ආසාදිතයින් 8ක් එම ආසාදිතයින් අතරට අයත්.

එමෙන්ම අද උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල සහ කොළඹ මත්ස්‍යය වෙළඳපොළ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,226ක්.

ඒ, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් ආසාදිත පොකුරෙන් 3106ක් සහ කොළඹ මත්ස්‍යය වෙළඳපොළ ආසාදිත පොකුරෙන් 9120ක් ලෙසයි.

ඊයේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිත මුළු සංඛ්‍යාව 15,722ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඉන් පුද්ගලයින් 10,652දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඊයේ දිනය වනවිට රෝහල් තුළ සහ රෝගීන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ගණන 5,022ක් ලෙස දැක්වුණු අතර සුවය ලබා එම ස්ථානවලින් පිටව ගොස් ඇති ගණන 470ක්.

මේ අතර ගත වූ පැය 24 තුළ මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 48ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, අද උදැසන වනවිට වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් 30,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post