කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී අද පස්වරුවේ සිට විරෝධතාවක නිරත වනවා.
ඒ, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ කඩිනමින් අවසන්කර සිය නිවෙස් වෙත යාමට ඉඩ දෙන්නැයි ඉල්ලමින්.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් හැකි ඉක්මනින් තමන්ට නිවෙස් වෙත යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇප ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටියා.
මේ අතර ඊයේ දිනයේ ද බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක නිරත වුණා.
ඒ, බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිර යෑම හේතුවෙන් සියල්ලන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන ලෙස ඉල්ලමින්.