News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ලෝකයටම තර්ජනයක් වූ කොරෝනා වෛරසයේ විවිධ පැතිකඩ ගැන ඔබ දැනුවත් ද?

1492 Views


ලෝකයටම තර්ජනයක් වූ කොරෝනා වෛරසයේ විවිධ පැතිකඩ ගැන ඔබ දැනුවත් ද?

දරුණු කොරෝනා වෛරසය මුළු ලොවක් ගිල ගනිමින් ඇති මොහොතක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට අනුව අප පසුවන්නේ තුන්වැනි අවදානම් මට්ටමේයි.

දිනෙන් දින සීඝ්‍රයෙන් පැතිර යන වසංගතය මේ දිනවල ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනිමින් සිටින්නේ බස්නාහිර පළාතයි.

මෙතෙක් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කය ද පසු කරමින් අඛණ්ඩව දින පහක් පුරා වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනීම ඊට හේතුවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවට අනුව මෙතෙක් තහවුරු කරන ලද මුළු රෝගීන් ගණන 16,191ක්.

එමෙන්ම 4814 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සැක සහිත රෝග ලක්ෂණ ඇතිව වෛද්‍ය අධීකෂණය යටතේ රෝහ්ලගතව සිටින සංඛ්‍යාව දැක්වෙන්නේ 458ක් ලෙසයි.

11,324 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 53ක්.

පවතින අවදානම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිපැදීම සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන අතර තම ආරක්ෂාව තමන් සළසා ගැනීම මගින් රටම ආරක්ෂාකර ගත හැකි බව ඔබ දැනුවත් ද? වෛරසයේ සියලු පැතිකඩ ගැන ඔබ දැනුවත් ද?

කොරෝ වෛරසය යනු කුමක් ද?

කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් පවුලක් බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

නමුත් මේ වනවිට ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය (nCoV) මින් පෙර පුද්ගලයින්ට ආසාදනය වූ බවට හඳුනාගෙන තිබුණේ නැහැ.

පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනා වෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවයි.

මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනා වෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බවට ද එම පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් -19 ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මොනවා ද?

උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව – හතිය, මස්පිඩු හා ඇඟපත වේදනාව, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කාලයක් ගත වන්නේ ද?

වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

එහෙත්, ඇතැම් පර්යේෂකයින්ට අනුව රෝග ලක්ෂණ මතු වීම සඳහා ගත වන කාලය දින 24ක්.

රෝගයෙන් ආරක්ෂා වීමට නම් ඔබ කළ යුත්තේ කුමක් ද?

  • කැස්සකින්‍ කිවිසුමකින් පසු
  • මුහුණ පර්ශ කිරීමට පෙර පසු
  • ආහාර පිළියෙළ කිරීමේදී පෙර, අතරතුර සහ පසු
  • ආහාර ගැනීමට පෙර සහ පසු
  • රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු
  • බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානයකට ගොස් පැමිණීමෙන් පසු
  • සතුන් ඇල්ලීමෙන් පසු
  • කැස්සකදී, කිවිසුමකදී

හොඳින් විෂබීජ නාශක දියර හෝ සබන් යොදා ගලා යන ජලයෙන් අත් සේදීම, ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිත කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැළමිට නවා මුහුණ ආවරණය කිරීම යන ක්‍රම භාවිත කළ හැකි වනවා.

එමෙන්ම ඔබ සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලට යන්නේ නම් මුඛ ආවරණ පැළඳීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමග සමීප ඇසුරෙන් වැළකීම, ආචාර කිරීමේදී, අතට අත දීමේදී හා සිප වැළඳ ගැනීමෙන් වැළකීම, ඇස්, නාසය, මුඛය සහ මුහුණ නිතර නිතර ස්පර්ශ කිරීමෙන් වැළකීම යන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා මොනවා ද?

  • පසුගිය සති කිහිපයේදී කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටක සංචාරයක නිරත වූයේ නම්
  • තද උණ සමග ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම්
  • හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම්

වෛද්‍ය උපදසේවලට අනුව රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග මොනවා ද?

  • හොඳින් විවේක ගැනීම
  • දියරමය පාන වර්ග ගැනීම
  • උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කිරීම (ඇස්ප්‍රීන් වැනි NSAID කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් වැළකිය යුතුයි)

අවදානම් කාණ්ඩ ලෙස සැළකෙන්නේ කුමන පිරිස් ද?

  • වයස්ගත වූ වැඩිහිටියන්
  • ගර්භණී මව්වරුන්
  • අධි රුධිර පීඩනය හා හෘදය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්
  • දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන්
  • ප්‍රතිශක්තිය අඩු විය හැකි ඖෂධ භාවිත කරන, අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන්
  • දැනටමත් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්
වයස්ගත පුද්ගලයින් හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න - Kubiyo News
ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක් – kidneyinfolk

ස්වයං නිරෝධායනයට ලක් වන්නේ කෙසේ ද?

  • නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටීම
  • නිවසින් පිටත ක්‍රියාකාරකම් සීමා කිරීම
  • පොදු ස්ථානවලට යාමෙන් සම්පූර්ණයෙන් වැළකීම
  • පොදු ප්‍රවාහන හෝ කුලී රථ භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීම
  • ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට දැනුම් දීම
  • හැකි නම්, ඔබ වෙනම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එය භාවිත කර හොඳින් පිරිසිඳු කිරීම
  • නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්වීම
  • අවශ්‍ය ඕනෑම මොහොතක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම

එමෙන්ම ඔබ දිගු කාලීන රෝගවලින් පෙළෙන අයෙක් නම් ඒ සඳහා ගන්නා ඖෂධ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් නියම කර ඇති ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එමෙන්ම පොදු සමාජයේදී, සමාජ දුරස්ථභාවය හෙවත් මීටරයක දුර පරතරය තබා ගැනීම, විෂබීජ නාශක යොදා නිතර දෑත් සේදීම, මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වෛසරය මර්දනයට මෙරට තුළ ගෙන ඇති පියවර ලෙස දැක්විය හැකි වනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව පසුවන කොරෝනා තුන්වැනි අවදානම් මට්ටමෙන් සිව්වැනි මට්ටමට නොයෑම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති පොදු ක්‍රියාකාරකම් මොනවා ද?


News Articles
Latest Videos
Most Popular Post