News Line| Off Air
Generic placeholder image

Nov
14

නොමිලේ පැවැත්වෙන ජංගම වෛද්‍ය සායන ගැන කොළඹ මහනගර සභාවේ නිවේදනය

489 Views


නොමිලේ පැවැත්වෙන ජංගම වෛද්‍ය සායන ගැන කොළඹ මහනගර සභාවේ නිවේදනය

පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගරය තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශ, නිවාස සංකීර්ණ ඇතුළු ස්ථානවල නොමිලයේ ජංගම සායන පැවැත්වීමට තීරණයකර ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය පවසන්නේ, අදාළ ස්ථානවල බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම සායන පවත්වන බවයි.

එමෙන්ම කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටළු විමසීමට හඳුන්වා දුන් වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සහ ඊට අදාළ දුරකතන අංක සහිත නිවේදනයක් ද එම නගර සභාව නිකුත්කර තිබෙනවා.

එම නිවේදන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post