News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

ඩොනල්ඩ් ට්‍රම්ප් වක්‍රාකාරයෙන් සිය පරාජය පිළිගනියි

811 Views


ඩොනල්ඩ් ට්‍රම්ප් වක්‍රාකාරයෙන් සිය පරාජය පිළිගනියි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජයෙන් පසු පළමුවරට ඊයේ එරට ජනතාව ඇමතුවා.

ඒ, ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදීයි.

එහිදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ, සිය පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසි විටෙකත් තමන් කටයුතු නොකළ බවයි.

එහෙත් ඉදිරි කාලයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරණ පරාජය මෙතෙක් ඝෘජුව පිළිනොගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ කළ ප්‍රකාශයෙන් වක්‍රාකාරව සිය පරාජය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post