කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ කොළඹ මේ වන විට දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ දින 5 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තා වී ඇති බවයි.