News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

කැළණියත් සඳුදා සිට හුදෙකලා කෙරේ – ගම්පහ ප්‍රදේශ කිහියක් හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

939 Views


කැළණියත් සඳුදා සිට හුදෙකලා කෙරේ – ගම්පහ ප්‍රදේශ කිහියක් හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිය පොලිස්බල ප්‍රදේශය ද හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශ අතරින් මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

අදාළ ප්‍රදේශ හැර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලාකර තිබූ සෙසු ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමනේම දිවයින පුරා සෙසු පොලිස්බල ප්‍රදේශවලට පනවා තිබූ හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5 සිට ඉවත් කිරීමටත් රජය තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post