පිටිගල, පොරවගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවස පිටුපස කැලෑවක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
අදාළ තරුණයා නාගොඩ, තල්ගස්වල ප්‍රදේශයේ යතුරුපැදයකින් යමින් සිටියදී සංචරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එය නවතන ලෙසට පොලිසිය සංඥාකර තිබුණා.
එහෙත් නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය සහ අදාළ තරුණයා පසුව පොලිසිය සොයාගෙන ඇති අතර ඔහුව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව යතුරුපැදිය පොලිසිය බාරයට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ඔහුගේ මව ද සිට ඇති අතර ඇය තරුණයාට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ, ඒ හේතුවෙන් ලැජ්ජාවට පත් වූ තරුණයා මෙලෙස ගෙල වැළ ලා ගන්නට ඇති බවට සැක කරන බවයි.
එලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.