News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ඉන්දීය ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වෛරසය වැළඳී මියයයි

446 Views


ඉන්දීය ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වෛරසය වැළඳී මියයයි

ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන සෞමිත්‍රා චැටර්ජි මහතා කොරෝනා වෛසරය වැළඳී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඒ මහතා 85 වැනි වියෙහි පසු වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චැටර්ජි මහතාව පසුගිය මස 6 වැනිදා රෝහල්ගතකර තිබූ බවයි.

දින 40කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සෞමිත්‍රා චැටර්ජි මහතා ඊයේ දහවල් මියගියා.

තිර රචකයෙකු, වේදිකා නළුවෙකු සහ කාව්‍යය නිර්මාණකරුවෙකු ලෙස දස්කම් දැක් වූ ඒ මහතා සිනමා නිර්මාණ 300කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපට 14ක ප්‍රධාන නළු භූමිකාවට පණ පොවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post