News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

කොරෝනා පාලනයට ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට සංචරණ සීමා

432 Views


කොරෝනා පාලනයට ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට සංචරණ සීමා

ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එරට ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, සංචරණ සීමා පැනවීම සඳහා එරට බලධාරීන් නව කොන්දේසි කිහිපයක් ද හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව ඇමරිකාවේ වොෂිංටන්, මිචිගන්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වනවිට ඇමරිකාවේ දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 900ක් පමණ වන අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 251,000 ඉක්මවා ගොස් ඇති බවයි ඇමරිකාවේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post