ශ්‍රී ලංකාවට ද නෑකම් කියන ඉන්දියානු සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය දිනක සිය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගිකර ඇතැයි ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තාකර තිබුණා.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, අදාළ සේවකයා ජැකලින් ෆර්නැන්ඩස්ගේ මුල් කාලීන සේවකයෙකු වීම හේතුවෙන් ඇය මෙම ත්‍යාගය ඔහු වෙත පිරිනමා ඇති බවයි.
ඉන්දියාවේ පැවැත්වෙන දුෂේරා උත්සවයේ පෙරහැරක් අතරතුර ජැකලින් මෙම මෝටර් රථය සිය සේවකයාට තෑගිකර ඇති අතර ඇය රථ වාහන පොලිස් නිලධාරිනියකගේ ඇඳුමින් සැරසී සිටීම ද විශේෂත්වයක්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රූගත කිරීමක් අතරතුර ඇය මෙම අවස්ථාවට එක්ව තිබූ බවයි.
එම අවස්ථාවේ වීඩියෝ සහ රූප රාමු පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් ඇති අතර අති විශාල ජන ප්‍රසාදයක් ඊට හිමිව තිබූ ආකාරය ද දක්නට ලැබෙනවා.

චන්ද්‍ර රත්නම් මහතා අධ්‍යක්ෂණය කළ මෙරට සිනමා නිර්මාණයක් වූ “According to Mathew” චිත්‍රපටයට ද ජැකලින් ෆර්නැන්ඩස් සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.
ක්‍රිස්තියානි පියතුමෙකු සහ තරුණියක අතර ඇතිවන ආදර සම්බන්ධතාවක් වටා ගොඩනැගුණු එම සිනමා නිර්මාණය ප්‍රේමය, අපරාධය හා ත්‍රාසය පිරි චිත්‍රපටයක්.
ජැකලින් ෆර්නැන්ඩස් එම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් :





