විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ එම නඩුව අද අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.
එහිදී අභියාචනාධිකරණය තීන්දු කළේ, අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා රක්ෂිතයක් එළි පෙහෙළි කිරීම නීති විරෝධී බවයි.
ඒ හේතුවෙන් එම රක්ෂිතයේ හානි වී ඇති ප්‍රදේශය සිය පෞද්ගලික වියදමින් නැවතත් වගා කරන ලෙස අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ගොනු කරනු ලැබූ අතර පෙත්සම්කරුවන්ට වැය වූ නඩු ගාස්තු ගෙවීමට ද වගඋත්තරකාර පාර්ශවයට අධිකරණය නියෝගකර තිබෙනවා.