News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

සංචරණ සීමා පිළිබඳ අද සිට තත්ත්වය

532 Views


සංචරණ සීමා පිළිබඳ අද සිට තත්ත්වය

බස්නාහිර පළාතෙන් පිටව යාමට පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණා.

ඒ අනුව කොළඹ දක්වා සිදුවන බස් රථ සේවා සහ දුම්රිය ධාවනය නැවතත් සාමාන්‍ය පරිදි සිදු වන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර කොළඹ – කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීය සහ වේල්ලවීදිය යන පොලිස්බල ප්‍රදේශ අද සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරෙන බව පසුගිය සෙනසුරාදා නිවේදනය කළා.

එම ප්‍රදේශ ආශ්‍රිතව විශේෂිත ආරක්ෂිත වැඩ පිළිවෙළක් ද යොදා තිබෙනවා.

පොලිසිය පැවසුවේ, එලෙස හුදකෙලා කෙරුණු පොලිස්බල ප්‍රදේශ හරහා බස් රථවලට නොනවත්වා ධාවනය කළ හැකි අතර එම ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු කළ නොහැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවල සහ අධිකරණවල කටයුතු පවත්වාගෙන යා හැකි බවත් ඊයේ නිවේදනය කළා.

මේ අතර කැළණිය පොලිස්බල ප්‍රදේශය ද අද උදෑසන 5 සිට නැවත දැනුම් තෙක් හුදෙකලා තත්ත්වයට පත් කෙරුණු අතර එලෙස හුදෙකලාකර ඇති මෙරට පොලිස්බල ප්‍රදේශ සංඛ්‍යාව 24ක්.


News Articles
Latest Videos
Most Popular Post