News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

536 Views


2021 අයවැය අද පාර්ලිමේන්තුවට

2021 වසර සඳහා වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 1.40ට ආරම්භ වන අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කරනු ඇති.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75වැනි අයවැය වාර්තාවයි.

අයවැයට අදාළ විවාද සහ ඡන්ද විමසීම් දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

එම කාලය තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post