නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විකල්ප යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීම ඊයේ සිදු කෙරුණා.
බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් මහා සංඝරත්නය විසින් අදාළ යෝජනා අතුළත් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේ, විජේරාම පිහිටි නිල නිවසේදී්‍යි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුව මගින් මෙම ග්‍රන්ථය සම්පාදනයකර තිබෙනවා.
පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමිගෙන් සහ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආචාර්ය පාලිත කොහොන, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රංජිත් තෙන්නකෝන්, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරුන්ගෙන් මෙම අනුකමිටුව සමන්විතයි.





