News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින්නන්ට නඩු – මාර්ග අවහිර වන සේ වාහන නවතා එවැන්නන්ට මුදල් දෙන රියදුරන්ටත් දඬුවම්

730 Views


ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින්නන්ට නඩු – මාර්ග අවහිර වන සේ වාහන නවතා එවැන්නන්ට මුදල් දෙන රියදුරන්ටත් දඬුවම්

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින පිරිස් සොයා එවැනි පුද්ගලයින්ට විරුද්ධව ඉදිරියේදී නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියයට 95ක පිරිස සැබෑ යාචකයින් නොවන බවත් ඒ හරහා ව්‍යාපාරවල යෙදෙන පිරිස් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

විශේෂයෙන් මාර්ගවල ලාම්පු සංඥා ආසන්නයේ වාහන නවතා එවැනි පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, අනෙක් වාහනවලට සහ මහමඟ අවහිර වන සේ ක්‍රියා කරන මෙන්ම මාර්ග සංඥා පහන් දැල්වී තිබිය දී යාචකයින්ට මුදල් ලබා දෙන රියදුරුන්ට ද ජාතික මං මාවත් පනතේ 59 වැනි වගන්තිය යටතේ දඩුවම් පැමිණවිය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post