News Line| Off Air
Generic placeholder image

Nov
17

යළි පාසල් ආරම්භ කරන දිනය ගැන අවසන් තීරණය හෙට

513 Views


යළි පාසල් ආරම්භ කරන දිනය ගැන අවසන් තීරණය හෙට

යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කෙරෙන බවයි.

එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා පැවසුවා.

සැළසුම්කර ඇති පරිදි ලබන 23 වැනිදා පාසල් විවෘත කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවෙන් පසුව අවසන් තීරණයකට එළඹෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post