News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

පෙම්වතියගේ අසභ්‍ය ඡායාරූප සකසා මුහුණු පොතේ පළ කළ පෙම්වතා රිමාන්ඩ්

3191 Views


පෙම්වතියගේ අසභ්‍ය ඡායාරූප සකසා මුහුණු පොතේ පළ කළ පෙම්වතා රිමාන්ඩ්

තම පෙම්වතියගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරාපොළ, බෝපැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

දෙපාර්ශ්වයේම කැමැත්ත මත එම යුවළ විවාහ වීමට සිට ඇති අතර පෙම්වතිය ඊට අකමැත්ත පළ කිරීම නිසා උරණ වූ පෙම්වතා සිය පෙම්වතියගේ චරිතයට කැළැලක් ඇති වන ආකාරයෙන් සැකසූ අසභ්‍ය ඡායාරූප මෙලෙස මුහුණුපොතට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයාගේ ක‍්‍රියා පටිපාටිය තමාට නොගැළපෙන හෙයින් එම තරුණිය සැකකරුගෙන් වෙන් වී තිබුණා.

ඒ හේතුවෙන් තරුණියගේ නමින් අසභ්‍ය රූප යොදා මුහුණු පොතෙහි නව ගිණුමක් විවෘතකර ඇති බව පවසමින් ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත අදාළ තරුණයාව පසුගිය දා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇගේ ඡායාරූපයත් සමග වෙනත් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහිත ගිණුමක් මුහුණු පොතේ විවෘතකර ඇය අපහසුතාවට පත් කළ බව සැකකරු පිළිගෙන ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ, එම පුද්ගලයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post