News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

නෙළුම් පොකුණ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියට ඇප – අනතුර ගැන ෆේස්බුක් සටහනක් (ඡායාරූප)

2228 Views


නෙළුම් පොකුණ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියට ඇප – අනතුර ගැන ෆේස්බුක් සටහනක් (ඡායාරූප)

කොළඹ – නෙළුම් පොකුණ රංග ශාලාව ආසන්නයේදී මෝටර් රථ අලෙවිසැලක ජීප් රථයක් ගැටී ඊයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණිය ඇප මත නිදහස්කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදු නොවීම යන කරුණ සළකා ඇයට ඇප දී ඇති බවයි.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර කළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, තරුණියට ඇප හිමි වුව ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවයි. 

අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනාව මත එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, 20 හැවිරිදි තරුණියක් වන අතර ඇයට රථය පාලනයකර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට ඇයගේ සම්බන්ධයක් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post