News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

පේරාදෙණිය පොලිසියේ නිලධාරියෙක්ටත් කොරෝනා

495 Views


පේරාදෙණිය පොලිසියේ නිලධාරියෙක්ටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පේරාදෙණිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔහුට සිදු කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත් එම නිලධාරියාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන ලෙසටත් ඔහුව සහ ඔහුගේ ආශ්‍රිතයින් හුදෙකලා කිරීමට කටයුතු කරන ලෙසටත් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අදාළ නිලධාරියාට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔහු රථවාහන රාජකාරියෙහි නිරත වනවිට පරිහරණය කළ දෙයක් මගින් වෛරසය ශරීරගත වූයේ ද යන්න සැකයක් පවතින අතර ඒ පිළිබඳ කරුණු සොයමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post