News Line| Off Air
Generic placeholder image

Nov
17

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

728 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවලට ඉහතින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ වැඩි හැකියාවක් පවතින බව ද අදාළ අවවාදාත්මක නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමේදී සැළකිළිමත් වන ලෙස එම ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post