News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

2021 අයවැයෙන් සහන රැසක්

553 Views


2021 අයවැයෙන් සහන රැසක්

2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම ඊයේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන ලබා දී තිබූ අතර ක්ෂේත්‍ර රැසක් සඳහා සහන සහ සංශෝධන සහිත යෝජනා ඉදිරිපත් වුණා.

එම යෝජනා පහතින් :

  • විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම
  • ඉදිරි වසර 5 තුළ කෘෂිකර්මාන්තය, සත්ත්ව හා ධීවර කටයුතු ආදායම් බදුවලින් නිදහස් කිරීම
  • ලබන වසරේ අප්‍රේල් මස පළමුවැනිදා සිට සියලු සමාගම්වලට අදාළ ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගැනීම
  • ඉදිරි වසර 5 තුළ තොරතුරු තාක්ෂණ, දේශීය, විදේශීය සැපයීම් හා නේවාසිකව විදේශගතව උපයන ආදායම්, ආදායම් බද්දෙන් නිහස් කිරීම
  • ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වන දේශීය සමාගම් සඳහා සියයට 50ක ආදායම් බදු සහනයක් ලබා දීම
  • කොරෝනා වෛරසය හේතුවෙන් අවදානමට ලක්වන රැකියා සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම
  • සමෘද්ධිලාභීන්ට නව ජීවිත ඉතිරි කිරීමේ ගිණුම් ක්‍රමයක් හඳුන්වා දීම සහ එම තැන්පතු ආයෝජන මත ලැබෙන පොලී බදුවලින් නිදහස් කිරීම
  • සමෘද්ධි තැන්පතුවලින් සියයට 90ක්, සියයට 7ක පොලී පදනම මත ලබා දීමට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
  • වතු කම්කරු දෛනික වැටුප ලබන වසරේ ජනවාරි මස සිට රුපියල් 1000ක් කිරීම
  • මෝටර් රථ අමතර කොටස් ආනයනයේදී බදු අඩු කිරීම‍
  • ඉදි කිරීම් සඳහා අවශ්‍යය යන්ත්‍ර – සූත්‍ර හා උපකරණ ආනයන බදුවලින් නිදහස් කිරීම
  • ඉදි කිරීම් අංශයේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍යය උපකරණ මිල දී ගැනීමට කල්බදු ක්‍රමයක් හඳුන්වා දීම
  • පෞද්ගලික අංශයේ සේවකයින්ට වයස අවුරුදු 65න් පසු “දායක විශ්‍රාම වැටුපක්” ලබා දීම
  • කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේම විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 බවට පත් කිරීම
  • එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනය ලබන වසරේ ජනවාරි මස සිට පළමුවැනිදා සිට තහනම් කිරීම

යන සංශෝධන සහ යෝජනා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය සේවකයින් සඳහා ද සහන රැසක් හඳුන්වා දුන් අතර එම සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා  සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරුණා.

රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද අයවැය ප්‍රකාශය තුළින් ඉදිරිපත් වූ තවත් යෝජනාවක්.

මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා  විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කෙරුණා.

එමෙන්ම රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට ද මෙහිදී යෝජනා වුණා.


News Articles
Latest Videos
Most Popular Post