බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම සදහා CID යෙන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාල විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.