ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 398 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත ගණන 18,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 18075 ක් ලෙසයි.
මෙරට මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 12,210 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 5799 ක්. නිරෝධායන මධ්‍යස්ථාන 33 කදී පුද්ගලයින් 3281 තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා.