මලාපවහන පද්ධති තුළ ද කොරෝනා වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වෛරසයේ හැසිරීම තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවයි.
මල ද්‍රව්‍ය ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් විවිධ ස්ථානවලින් වෛරසය හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.