News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

ආනයනය කළ සත්ත්ව මාංශ වර්ග කිහිපයක කොරෝනා වෛරසය ඇතැයි හෙළිකර ගත් බව චීනය කියයි

711 Views


ආනයනය කළ සත්ත්ව මාංශ වර්ග කිහිපයක කොරෝනා වෛරසය ඇතැයි හෙළිකර ගත් බව චීනය කියයි

බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලින් ආනයනය කළ ගව මස්වල සහ එම ඇසුරුම්වල කොරෝනා වෛරසය සොයා ගෙන ඇති බව චීනය පවසනවා.

චීන මාධ්‍ය උපුටා දක්වමින් මේ බව වාර්තාකර තිබුණේ රොයිටර්ස් පුවත් සේවයයි.

එවැනි තත්ත්වයක් තුළ ශීත කළ ආහාර පිළිබඳ කෙරෙන පරීක්ෂාවන් තවදුරටත් ඉහළ දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ආජන්ටිනාවෙන් ආනයනය කරන ලද ඌරු මස් ඇසුරුම්වල ද වෛරසය තිබී හමු වී ඇතැයි චීනය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර හරහා වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ අවම බවයි.


News Articles
Latest Videos
Most Popular Post